ශ්‍රී ලංකාව තුල ඉතාමත් උසස් ගනයේ developer community එකක් බිහි කිරීමේ අභිලාශය පෙරදැරි කොට සකස් වූ වෙබ් අඩවියක් විදියට Code Hero හැඳින්විය හැක. Code Hero වෙබ් අඩවියේ ඔබට programming සම්බන්දව ඇති ප්‍රශ්න ගැටළු post කිරීමට හැකියාව ඇත. මෙලෙස post වල ප්‍රශ්න වලට ඔබ පිළිතුරු දන්නේ නම් ඔබට ඒවාට උත්තර ලබාදිය හැක. ඉතාමත් පහසුවෙන් ගිණුමක් සකසා ගත හැකි අතර කිසිදු ගාස්තුවක් කිසිම විටකදී ඔබෙන් මෙම සේවා සඳහා අය නොවේ. මෙය හුදෙක් ශ්‍රී ලංකාව තුල හොඳ programming community එකක් සකස් කිරීමේ බලාපොරොත්තුවෙන් සකස් කර අතර කිසිදු විදියේ වෙළඳ දැන්වීමක් වත් මෙහි ප්‍රදර්ශනය නොවේ. මෙය 100% SL Geek හරහා සිදු කරන්නක් වන අතර ඔබ සමහර පරිශීලකයින්ගේ ආධාර මතද මෙම වෙබ් අඩවිය මෙසේ ඔබ වෙත ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත. ප්‍රශ්න පල කිරීමෙන් ප්‍රශ්න වලට උත්තර දීමෙන් මෙතුලින් විශාල community එකක් ගොඩනැගෙනවා සේම වෙබ් අඩවියේ ඇති search එක හරහා කෙදිනක හෝ කිසියම් කෙනෙක් ගැටළුවක් search කල විට හෝ google search කල විට මෙම වෙබ් අඩවියේ දැනටමත් විසඳා ඇති ගැටළුවක් ඒමට වැඩි අවස්තාවක් ඇත. එමෙන් පෙනී යන්නේ කෙතරම් පිරිසකට මෙය උදව් වෙනවද යන්නයි. එසේම ඔබට අදාලව profile එකක් පවතින අතර ඔබගේ දැනුම විදහා පෑමට මෙන්ම ඔබට ඇති ලකුණු සහ rankings අනාගතයේ ඔබට වැදගත් විය හැක. ඔබ ප්‍රශ්න පලකරන විට , ප්‍රශ්න වලට උත්තර දීම ඇතුළු වෙබ් අඩවියේ විවිධ ක්‍රියා වලදී ඔබට ලකුණු ලැබෙන අතර ඒ අනුව විවිධ badges ඔබට විවෘත වේ. ඒවා ඔබගේ profile එකේ පෙන්වන අතර ඔබව follow කිරීමට , සමාජ මාද්‍යය ජාලයකට වඩා එහා ගිය professional profile එකක් සකස් කිරීමට මෙය මහගු රුකුලක් වනු ඇත.