මේකට අපිට අවශ්‍ය වෙනව Arduino uno board එකක් සහ bread board එකක්.bread board එකක් කියන්නෙ මේවගේ එකක්
bread board එකේ විශේෂත්වයක් තියෙනව.මේක ඇතුලෙන් connection තියෙනව.අපි bread board පාවිච්චි කරනව මොකක්හරි circuit එකක් පාස්ස ගන්නෙ නැතුව හදාගන්න ඕන උනාම.ඒ කියන්නෙ මොකකහරි project එකක් test කරනකොට පාස්සල වැරදුනාම ආයෙ පෑස්සුම් අයින් කරල කරන්න ගියාම කරදරයක් වෙන නිසා මේ වගේ bread board එකක් පාවිච්චි කරල ඒ වැඩේ කරගන්නව.bread board එක ඇතුලෙන් connection තියෙනව.ඇතුලෙන් connection තියෙන විදිය ඔයාට මේ පින්තූරෙන් බලාගන්න පුලුවන්.
පහල තියෙන photo එකේ විදියට led එක bread board එකට සම්බන්ධ කර ගන්න.arduino board එකේ pin පහල තියෙන විදියට bread board එකට සම්බන්ධ වෙන්න ඕන.
• Led එකේ – අග්‍රය = Arduino board එකේ Gnd එකට
• Led එකේ + අග්‍රය = Arduino board එකේ 13 වෙනි pin එකට(3වෙනි pin එකේ ඉදල 13 වෙනකම් තියෙන ඕනම pin එකකට සම්බන්ධ කරන්න පුලුවන්.)
Code එක පහත විදියට තියෙන්න ලියාගන්න ඕන.
• Void setup එකට පහල ටික copy & paste කර ගන්න.
pinMode (13, OUTPUT);
• Void loop එකට පහල ටික copy & paste කර ගන්න.
digitalWrite (13, HIGH);
delay (1000);
digitalWrite (13, LOW);
delay (1000);
Code එක ලියාගත්තට පස්සෙ tools වලට ගිහින් board වලින් Arduino Uno select කර ගන්න.tool වලම port වලින් Arduino Uno කියල තියෙන port එක select කර ගන්න.ඊට පස්සෙ upload button එක click කරල upload කරගන්න.
delay එක වෙනස් කරගන්න පුලුවන් ඔයාලට ඕන ගානට.delay කියන තැන 1000ක් දාල තියෙන්නෙ 1000ක් කියන්නෙ තත්පර 1යි.delay එක වෙනස් කරනවනම් delay කියල තියෙන තැන් දෙකටම එකම අගය දාන්න ඕන කියල එකක් නෑ.අගය වෙනස් කරල බලන්න Led එකෙන් මොනවගේ Output එකක්ද ලැබෙන්නෙ කියල.ප්‍රශ්න තියෙනවනම් Comment කරන්න.
Nice 😊 ❤️
😊
photo ටිකත් තිබ්බනම් තමා හොද.නැත්නම් කොහොමද සම්බන්ධ කරන්නෙ කියල ඕක හදන අය දන්නෙ නෑනෙ.
Ow Aka Aththa 😊
ow photo thibbanam thawath hodai
❤👌
🤞
oka මුලින්ම tinkercad eken sumiulater කරලා beluwanam hari නේද
very useful fro arduino begginers..
👍
😊❤️