Software Engineer එහෙම නැත්නම් මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙනවා කියන එක ගොඩ දෙනෙක් ගේ dream job එක කිව්වොත් නිවැරදි. SE(Software Engineer) සහ programming කියන්නේ එකයි වගේ පෙනුනත් දෙකක්.
ගොඩක් වෙලාවට මේක පිරිමින් සඳහා වෙන් වුන රැකියාවක් එහෙම නැත්නම් මේල් ඩොමිනන්ට් ෆීල්ඩ් එකක් කියලා හිතාගෙන ඉන්නවා . විශේෂයෙන්ම ලංකාවේ. ඒ එක්කම සමහරුන්ගේ මතය මේක එක තැනට වෙලා ජීවිතේම විකාර කරගන්න රැකියාවක් විදියට. සමහරුන්ට අවභෝදයක් ඇත්තෙම නැහැ.
මුලින්ම හැමෝටම තේරෙන්න මම කතා කරන්නම් salaries ගැන. සාමාන්යෙන් front-end developer කෙනෙක් 100,000 $ වගේ මුදලක් අවුරුද්දට හොයනවා. මේ ගැන අත්දැකීම් සහ දන්නා languages මත වෙනස් වෙනවා. නමුත් දල වශයෙන් මේ ගාන මාස 12න බෙදලා ඩොලර් රුපියල් කලොත් අසන්න වශයෙන් මාසෙට රු. ලක්ෂ 15 කට ආසන්න මුදලක් ලැබෙනවා. back end, front end ගැන හිතාගන්න පුළුවන් එතකොට. මේක අපි අමතක කරමු. මොකද ලංකාවේ ඉඳගෙන අපිට මේ වගේ මුදලක් හොයනවා කියන එක හීනයක්. මොකද ලංකාවේ රු.20,000 පවා SE jobs පටන් ගන්නවා.
ඔයා සමහරවිට බලන්න ඇති මම හැදුව වීඩියෝ එකක් සිංගප්පුරුවට ගිහින් සිංගප්පුරුවේ ගුගල් ආයතනය ඇතුලට ගිහින් මේක කොයි වගේ තැනක්ද කියල. ඉතින් මේ වගේ ආයතන, ඊට අමතරව Facebook , AWS , Amazon, Slack , Instagram , Youtube, Twitter වගේ විවිධ ආයතන වල වැඩ කරන දහස් ගණනක් පිරිස් අතුරින් ශ්‍රී ලංකාවේ අපේම අයත් ඔනෑ තරම් ඉන්නවා. ඉතින් ඔයාටත් ඒ වගේ කෙනෙක් වෙන්න බැරි කමක් නැහැ .
ඉතින් ඊළඟට මේ වගේ ආයතන වල තියන පරිසරය ගැන මේ වෙද්දීත් ඔයාට අදහසක් ඇති කියල මම හිතෙනවා. ආහාර පාන වල සිට හැම දේම , සාමාන්‍ය මිනිසෙක්ට වැඩ කිරීමට ඉතාමත් සුදුසු වෙන විදියට සකස් කරලා තියනවා. ඔව්. මේ මම කතා කරපු තැන වලට යන්න හැමෝටම බැරි වෙයි. එත් උත්සාහ කලොත් , බැරි වෙන්නේ නැහැ.
දැන් ලොකුම ගැටලුව, ඔයාට මේ සඳහා degree එකක් ඕනෙද ? ඇත්තටම නැහැ. Google ඇතුළු ආයතන ගණනක් මේ වෙද්දීත් නිල වශයෙන් කියල තියනවා මේ ආයතන වල යන්න අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය නොවන බව. අවශ්‍ය වන්නේ programming skills පමණයි . මේ වෙද්දී SE කෙනෙක් වෙන්න, නැත්නම් programmer කෙනෙක් වෙන්න හොඳ languages ගැන කතා කලොත් , ඊට කලින් අපි හිතන්න අවශ්‍ය කාරනාව තමයි ඔයා තෝරාගන්න ක්ෂේත්‍රය මොකක්ද කියල. ඔයා front end ගැන කැමතිනම් මෙතැනදී HTML, CSS, Javascript වගේ භාෂා follow කරන්න පුළුවන්. ඒ වගේම backend වලට php, python වගේ කිහිපයක්ම තියනවා. database පැත්තට SQL වගේ ඊට අමතරව Full stack පැත්තට යද්දී MERN වගේ concepts ගොඩක් ප්‍රසිද්දයි. Mern කියන්නේ Mongo DB , Express JS, React JS, Node JS. මේ වගේ දේවල්. Full stack කියන්නේ සරලවම ඉස්සෙල්ල කතා කරපු ඒ කිව්වේ front end back end ඔක්කොමේම එකතුවක්. මේවට අමතරව ඊළඟට, Mobile Development. මෙතැනදී Android Studio එක්ක Java වගේ languages එහෙම නැත්නම් Flutter වගේ ඒවා ප්‍රසිද්දයි. Flutter වලදී භාවිත වෙන්නේ dart කියන language එක. Android studio එකෙන් android ඇප් හදනවා වගේ flutter වලින් android ios දෙකම පුළුවන්. ඒ වගේම swift හරහා iOS පුළුවන්. මේ හැමදේටම අමතරව එක එක frame works පාවිච්චි වෙනවා. තව එක එක languages තියනවා . react කියන්නෙත් මේ වගේ ප්‍රසිද්ද එකක්,.
2021 මේ වෙද්දී මගේ මතය අනුව Javascript ඉස්සරහින්ම ඉන්නවා. Facebook වගේ සමාගම් වල යෝජනා වල ප්‍රතිපල විදියට JS පාවිච්චි වෙලා මේ වෙද්දී apps පවා හදන්න පුළුවන්. ඒ වගේම ඔයා specialized වෙන language එක අනුව ඔයාගේ පඩිය තීරණය වෙනවා. ඉතින් තාමත් ඒ නිසා ඔයාට අවස්තාව තියනවා ඔයාගේ path එක හදාගන්න 🧑💻🔥
That is one of my goals🏆❤
Good Luck.. 🔥👍
❤
I also making my path to a software engineer❤️❤️😇😇
Good Luck.. 🔥👍
👍
Front end dev ekenek ge yearly salary ekada 100,000 naththam monthly da mokada mn danna tharamen saamanyayen 20,000 bucks wage thamaa gewanne
Yearly Salary eka samannayen, Thamange Skill ek anuwa ooka depend wenw.
💙💙💙
Java walin issarahata yaddi.. Internship ekakata join wenna mona wage dewalda api danagena inna one Language eke saha development walata adalawa..
OOP (Object Oriented Programming) Concepts , Data Structure and algorithm follow krnn.
Thanks brother ❤ its very useful
❤️
❤
🙂👍
Thanks brother.
❤️
my dream job 🤗🙃💪
My goals is developer.🤗
el