𝐃𝐚𝐭𝐚 𝐭𝐲𝐩𝐞𝐬 යනු යම් විචල්‍යක, දත්ත වර්ගය හා ප්‍රමාණය තීරණය කිරීමට යොදාගනු ලබන ප්‍රකාශනය වේ. ඒ කියන්නේ Data type එකෙන් තීරණය කරන්නේ එම declare කරන ලද variable එකට RAM එකේන් කොපමණ ඉඩ ප්‍රමාණයක් වෙන්කරගත යුතුද යන්නයි. Data types වලට උදාහරණ වශයෙන්, 👇
▪️𝗶𝗻𝘁 𝗱𝗮𝘁𝗮 𝘁𝘆𝗽𝗲,
මේක තමා අපි වැඩියෙන්ම බාවිතා කරන data type එක. Integer එකක්, පුර්ණ සංක්‍යාවක් පෙන්නන්න තමා int කියන data type එක පාවිච්චි වෙන්නේ. int එකක් කියන්නේ 16 bit (2 byte) අංකයක්. මේකෙන් එක bit එකක් පාවිච්චි වෙන්නේ ධන(+), ඍන(-) ලකුණු කරගන්න. මේකම අපිට පාවිච්චි කරන්න පුළුවන් unsigned int කියලත්. එතකොට වෙන්නේ ධන(+), ඍන(-) ලකුණු අයින් වෙන එක. unsigned int එකක පරාසය 0 සිට 65,535 වෙනකන්.
▪️𝗳𝗹𝗼𝗮𝘁 හා 𝗱𝗼𝘂𝗯𝗹𝗲 𝗱𝗮𝘁𝗮 𝘁𝘆𝗽𝗲,
මෙම දත්ත වර්ග දශම සංඛ්‍යා ගබඩා කිරීමට යොදා ගනු ලැබේ.මේවට පුළුවන් 32 bit (4 byte) අංකයක් මතක තබා ගන්න. මේකෙදි දශමස්ඨාන 7 කට පමණ නිවැරදි අගයක් ගන්න පුළුවන්. double වල අගයත් float වගේම තමයි. නමුත් සමහර language වල double අගයක් දශමස්ඨාන 15 කට පමණ නිවැරදියි. දශම සංඛ්‍යා හදුන්වද්දී එහි දශම අගයක් නැතිනම් අනිවාර්යයෙන්ම ‘.0’ පාවිච්චි කරන්න ඕනෙ.
float ex1 = 1.2695;
double ex2 = 256.0;
⭕float හා double අතර ඇති වෙනස මොකක්ද?
float වලදී බයිට් 4 ක දත්ත ගබඩා කිරීමට හැකි වීමත්,double වලදී මෙම දත්ත ප්‍රමාණය දෙගුණයක් නැතහොත් බයිට් 8 ක් ගබඩා කල හැකිවීමත් මෙම දත්ත වර්ග දෙකෙහි ප්‍රධානතම වෙනස වේ.
▪️𝗖𝗵𝗮𝗿 𝗱𝗮𝘁𝗮 𝘁𝘆𝗽𝗲,
Character එකක් සදහා යොදා ගන්න data type එකක්. Character එකක් කියන්නේ අපි type කරද්දී බාවිතා කරන එක සලකුණකට(symbol). ඔයාලගේ keyboard එකේ තියෙන හැම button එකක්ම character එකක්. ඒ හැම එකටම ආවේනික නොම්බරයක් තියෙනවා. මේවට කියන්නේ ASCII code කියල(American Standard Code for Information Interchange). මෙව්වා 128ක් තියෙනවා. ඒ කියන්නේ char එකක් 0 සිට 127 වෙනකන් අගයක් ගන්න පුළුවන්.
▪️𝘀𝗵𝗼𝗿𝘁 හා 𝗹𝗼𝗻𝗴 𝗱𝗮𝘁𝗮 𝘁𝘆𝗽𝗲,
අපට විශාල සංඛ්‍යාවක් ගබඩා කිරීමට අවශ්‍ය වූ විටෙක මෙම long දත්ත වර්ගය යොදාගත හැකි වේ.මේක 32 bit (4 byte) අංකයක්. ඒ කියන්නේ -2,147,483,648 ඉඳන් 2,147,483,647 වෙනකන් අගයක් දෙන්න පුළුවන්.
එසේම කුඩා අගයක් ගබඩා කිරීමට අවශ්‍ය නම් short යන දත්ත වර්ගය යොදා ගැනේ.
▪️𝗕𝗼𝗼𝗹𝗲𝗮𝗻 𝗱𝗮𝘁𝗮 𝘁𝘆𝗽𝗲,
Boolean කියන variable type එකට තියෙන්නේ values දෙකක් විතරයි. ඒ true සහ false කියන අගයන් දෙක. මේ අගයක් දෙක තව කිහිප විදියකටම දෙන්න පුළුවන්. 1 හෝ 0, HIGH හෝ LOW වුනත් පාවිච්චි කරන්න පුළුවන්. Boolean එකකට ඕන වෙන්නේ 1 byte විතරයි.
▪️𝗯𝘆𝘁𝗲 𝗱𝗮𝘁𝗮 𝘁𝘆𝗽𝗲,
Byte එකක් කියන්නේ bit 8ක binary නොම්බරයක්. Decimal වලින් ගත්තොත් 0 සිට 255 ට වෙනකන් නොම්බරයක්. byte එකක් පාවිච්චි කරද්දී binary හෝ decimal ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.
byte exByte1 = 132; // This is in decimal format
byte exByte2 = B00001001; // This is in binary format, its 9 in decimal.
මේකෙදි binary නම් මුලට B අකුර යොදා ගන්න ඕනෙ.
▪️𝗩𝗼𝗶𝗱 𝗱𝗮𝘁𝗮 𝘁𝘆𝗽𝗲,
Void data type එක මගින් දක්වන්නේ variable එකට value එකක් නැති බව.
💢 මේ කතා කරේ බහුලව යොදා ගන්න data types කිහිපයක් තව ගොඩක් තියෙනවා.
Nice
Thanks ❤️
meka hoda deyak.. api mehema ape danuma share karagena lankava ehalama thalayakata gemu..
Owu aniwaryenma ❤️🔥
Keep it up bro 😊
This is a great help for those who are new to programming
Thank you so much, they expect more from you
Keep doing it❤❤
Thanks ❤️
keep it up brother
Sure ❤️🙂
Nice.. good luck❤️❤️😇😇
Thanks ❤️
වටිනවා
❤️😊
Really helpful!
Thanks ❤️
ගොඩක් වටින post එකක්❤️
Thanks ❤️
keep it up